ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් කොවිඩ් වෛරසය වැළදී ඇත්තේ සමගි ජනබලවේගයේ උද්ඝෝශණ සදහා සහභාගී වීම නිසාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්ණ කරනවා.
කොවිඩ් වසංගතය රාජ්‍ය පාලනයෙන් ගිලිහී යාමේ වරද පීඩා විදින උද්ඝෝෂණ කණ්ඩායම් වෙත යොමු කිරීම කණගාටුවට කරුණක් බවයි තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර මෙරටට ගෙන එනලද පළමු කොවිඩ් මර්ධන එන්නත සම්බන්ධ රාජ්‍ය රහසක් සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයා සිය අදහස් පළ කලා.