සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ලබා ගෙන තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කළ බවයි සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ.
සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනු ලැබුවා.
එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරුන් තමන්ට තරයේ අවවාද කල බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
සිය වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව එම නියමයට එකග වෙමින් කොවිඩ් එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.
මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.
— Sajith Premadasa (@sajithpremadasa) August 3, 2021
