විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා.
නීතියට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීම මස 20 වනදාට පෙර පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා තිබුණා.
ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ නියෝජිතයින් අනිද්දා දින මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මුණගැසීමට පැමිණෙන බවටද දැනුම් දී තිබෙනවා.
මෙම ලිපියට සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික ජනබලවේගයේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු දෙමළ පක්ෂවල නියෝජිතයින්ද අත්සන් තබා තිබෙනවා.
