මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමේ ව්‍යාපාරයට එක්වන විදේශ සමාගම් තුනට ඉන්ධන පිරවුම්හල් 350 පිරවුම්හල් 150 බැගින් කාණ්ඩ තුනකට වෙන්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග දැනට කටයුතු කරන එම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (5) පැවැත්විණි.
නව සමාගම් සමග ගිවිසුම්ගත වීමෙන් ඉන්ධන හල් හිමියන්ට සහ ඉන්ධන පාරිභෝගිකයන්ට හිමිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව එහිදී දැනුවත් කර තිබේ.