සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ කටයුතු සියල්ල කඩිනමින් ඩිජිටල්කරණය කරනවා

Admin by Admin
9 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
MANUSHA
0
SHARES
4
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ සියළු කටයුතු ඉතා පහසුවෙන් කරගත හැකිවන පරිදි, රැකියා සඳහා විදේශ ගතවන අයට ඉතාමත්ම ආරක්ෂාකාරීව හා අභිමානයෙන් යුතුව විදේශ රැකියාවට ගොස් සේවය කළ හැකිවන පරිදි විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ සියළු කටයුතු කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් අද දින (12/18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන වංචා දූෂණ, අක්‍රමිකතා, ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා ඇතුළු ලේඛන සකස් කිරිම ආදී කටයුතු නතර කිරීමට කලයුතු වැදගත්ම කටයුත්තවන්නේ මීට මැදිහත්වන අතරමැදියන් ප්‍රමාණය හැකිතාක් අඩුකිරීම වන බවය.

විදේශීය හාම්පුතුන්ට එරට සිට අපේ ශ්‍රමිකයින්ගේ සුදුසුකම් ඇතුළු තොරතුරු බලාගත හැකිවන ලෙසත් විදේශ රැකියාවල නියුතුව සිටියදී මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබාගැනීමට තානාපති කාර්යාලයාලවලට නොපැමිණ තම සේවා ස්ථානයේ සිටම කරගත හැකිවන පරිදි මෙම තාක්ෂණික වෙනස කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ කඩදාසි භාවිතා කිරිමකින් තොරව (Paper Less)පරිගණක ආශ්‍රයෙන්ම මෙම කටයුතු කිරීමට හැකි ඉක්මණින්ම බලාපොරොත්තු වන බවත්, මෙම තාක්ෂණික වෙනස සිදුකළ පසු වංචාකරුවන්ට, අතරමැදි තැරැව්කරුවන්ට හා ජාවාරම්කරුවන්ට අපේ ශ්‍රමිකයින් රැවටීමට, සූරාකෑමට හා වහල් සේවයේ යෙදවීමට ඉඩ නොලැබෙන පරිදි ඔවුන්ගේ ආරක්ෂාව හා රැකවරණය පිළිබඳව කටයුතු කිරිමටත්, නියාමනය කිරීමට හැකියාව ලැබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය

මේ ක්ෂේත්‍රෙය් තවමත් යම් යම් වංචා දූෂණ සිදුවෙනවා. වැරදි පාරෙන් රට යැවීම් සිදුවෙනවා. මේවා නතර කරන්නේ කොහොමද? මේ ක්‍රියාදාමය අතරමැදට මිනිසුන් සම්බන්ධ වෙන ප්‍රමාණය අඩු කරන්න පුලුවන් නම් මේවා පාලනය කළ හැකියි.

ඕමානයේ තානාපතිතුමා පසුගිය සතියේදී මම හමුවෙලා, ඕමානයේ සිට ඉන්ටර්නෙට් එක හරහා, ඔන් ලයින්ක්‍රමයට බදවා ගැනිමට හැකියාවක් තිබෙනවාද කියලා ඇහුවා. සෘජුවම බදවා ගැනීම් ක්‍රමවේදයක් අපිට නැහැ. ඒ නිසා පුලුවන් තරම් ඉක්මනින් විදේශ ගතවීම්, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් තාක්ෂණයට ගෙන ඒමට කටයුතු කරනවා. රටක් විදියට, රටම ඩිජිටල් කරන්න ඕන, ආර්ථිකය ඩිජිටල් කරන්න ඕන කියන අදහස සාකච්ඡාවට ලක් වෙනවා. එහෙනම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදියට විදේශ රැකියා ක්ෂේත්‍රය ඉක්මනින් ඩිජිටල්කරණයට ලක් කිරීමට කටයුතු කරනවා.

එවිට ඩිජිටල් පද්ධතියක් හරහා ශ්‍රමිකයින් බදවා ගැනීම්, පුහුණුව ලබාගැනීම්, ශ්‍රමිකයාගේ තත්වයන් ගැන සොයා බැලීම් ආදී සියල්ලම කරන්න පුලුවන්. එතකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තියෙන කොල පුරවන දේවල්, සියල්ල නතර කරලා, පේපර්ලස් විදියට, ඩිජිටල් ක්‍රමයට අරගෙන එන්න පුලුවන්. එතකොට හොර වීසා, හොර පාස්පෝට් හරහා විදේශ ගත කිරීම් නතර කරන්න පුලුවන් වේවි. නිවරදිම ක්‍රමයට විදේශ ගත කිරීම් කරන්න පුලුවන් වේවි. ශ්‍රමිකයා හූරාකන ක්‍රමවේදය එතකොට නතර කරන්න පුලුවන්. ශ්‍රමිකයාගේ ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්.

එතකොට එකම, සාධාරණ අය කිරීම් ක්‍රමවේදයක් හරහා ශ්‍රමිකයින් බදවා ගැනීමට හැකියාව ලැබෙනවා. හැමෝටම සියල්ල බලාගන්න පුලුවන් විදියට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සියල්ලම පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන ආකාරයේ ක්‍රමයක් හදන්න පුලුවන්. විදේශ ගතව සිටින ශ්‍රමිකයාටත් තමන්ගේ ගැටලු ක්ෂණිකව දැනුම් දීමටත්, විදේශ සේවා නියුක්ත කාර්යාංශයට වහාම මැදිහත්වීමට ඒ මගින් අවස්ථාව උදා වෙනවා. ඒ මගින් විදේශ  රැකියා ක්ෂේත්‍රෙය් පවතින අඩුපාඩු, චෝදනා වලට පිළිතුරු ලබාදීමට හැකියාව ලැබෙනවා.

එසේම මෙම තාක්ෂණික වෙනස විදේෂ රැකියා ක්ෂේත්‍රයේ සංදිස්ථානයක් මෙන්ම අළුත්ම තාක්ෂණික විප්ලවය බවට පත්වෙතැයිද මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Voice of Migrants (VOM) හා Solidarity Foundation සංවිධාන එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රි, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

Admin
Tags: කම්කරු සහ විදේශ රැකියාඩිජිටල්කරණයමනුෂ නානායක්කාරවිදේශ රැකියා
Previous Post

මෙරට මුහුදු සීමාව තුල ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104 ක් මුදා ගනී

Next Post

ලංකාව 2023 කොහේ යනවද කියලා කාටවත් කියන්න හැකියාවක් නැහැ

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
රසායනික පොහොර  දැඩි තීන්දුව වෙනස් නොකළහොත් ඉදිරියේදී රටතුළ අර්බුද රැසක්

ලංකාව 2023 කොහේ යනවද කියලා කාටවත් කියන්න හැකියාවක් නැහැ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In