දිවයිනපුරා ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙනපරිදි නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බැවින් එම කාලය තුල විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය හදිසි අවශ්‍යතා සහිත අය සදහා පමණක් සීමා කර තිබෙනවා.
ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය අමුත්තන් සදහා වසා තැබෙන අතර විදේශයන්හී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මරණ පිළිබද සිද්ධීන් සහ අපනයන ලිපි ලේඛන හා අදාළ සහතික යනාදිය සහතික කිරීම යන කොන්සියුලර් සේවාවන් පමණක් නිරෝධායන ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුල සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
ඒ සදහාද කලින් වේලාව වෙන්කරගත යුතු වනවා.
ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල මගින්ද විදේශයන්හී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මරණ පිළිබද සේවා සපයන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය මහජනතාව වෙත දැනුම් දෙන්නේ.