තලේබාන් සටන්කාමීන් විසින් නගර රැසක බලය තහවුරු කරගැනීමත් සමග විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් ඇෆ්ඝනිස්ථානයෙන් පිටත්වීම ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම ඇතැම් රටවල් විසින් දැනටමත් නිවේදනය කර ඇත්තේ සිය තානාපති කාර්යාලවල සිටින සේවකයන් ගණනද අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.
අමෙරිකාව / මහා බි්‍රතාන්‍යය / ජර්මනිය / ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍යයද ඊට අයත්.
මේ අතර රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රටින් පිටවීම පහසු කිරිම සඳහා අමතර භට පිරිස් අනුයුක්ත කිරීමටද එක් එක් රට පියවර ගනිමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
