ශ්‍රී ලංකාවේදී විවාහ වී ඉන් අනතුරුව විදේශයන්හී පදිංචිවී සිටින ලාංකිකයන් එම රටවලදී සිදුකරන විවාහ අවලංගුකිරිම් හා දික්කසාද මෙරටදී පිළිගැනීම සදහා නීතිමය විධිවිධාන පැණවීමට හැකි වන පරිදි පණත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිඛෙනවා.
මෙරටදී විවාහ වී විදේශ රටවල පදිංචිව සිටින ලාංකිකයන් එම රටවලදී ලබාගන්නා දික්කසාද තීන්දු මෙතෙක් කල් ශ්‍රී ලංකා රජය පිළිගත්තේ නැහැ. ඒ අනුව නැවතත් ඔවුන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හමුවේ නඩුවක් ගොණු කල යුතුව තිබුනා.
මින් ඉදිරියට එවන් ආකාරයෙන් කෙරෙන විදේශ දික්කසාද / අධිකරණමය වෙන්විම් හා විවාහ අවලංගු කිරිම් මෙරටදී පිළිගැනිම සදහා නීතිමය විධිවිධාන පැණවීමට හැකිවන පරිදි පණත් කෙටුම්පතක් සකස් කරන්නැයි අධිකරණ අමාත්‍යවරයා විසින් නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිමට නියමිතයි.