මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමරිකානු ඩොලර් බිලියන 3යි දසම 1 දක්වා ඉහළ ගොස් ඇති බවට මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළේ අසත්‍ය ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.
මහබැංකුවේ අධිපතිවරයා කළ ප්‍රකාශය ඔහුගේ මනසේ ඇඳුනු හිතලුවක් පමණක් බවයි මන්ත්‍රිවරිය පවසන්නේ.
හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින්.
පැයෙන් පැය දුරකථනය වෙත ලැබෙන පණිවිඩ දෙස බැලීමේදී අදවනවිට රටේ යථාර්ථය හොඳින් අවබෝධ වන බවද ඇය මෙහිදී සඳහන් කළා.
ජාතික ජන බලවේගයේ රජයක් යටතේ දූෂණයට තිත තබන පාලනයක් ගෙනයන බවටද ආචාර්යය හරිනි අමරසූරිය මහත්මිය මෙහදිී ජනතාවට සහතික වුණා.