විදෙස්ගත වන පුද්ගලයින්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු සිදුකිරීම සෞඛ්‍ය ලේකම්වරයා විසින් පෞද්ගලික රසායනාගාර කිහිපයක් වෙත පැවරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විරෝධය පළ කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එය ජනතාවගේ මුදල් ගසා කෑමක් බවයි.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස නිව්ස් රේඩියෝවට කරුණු පැහැදිලි කලා.