විදුළි කප්පාදුව සිදුවන පැය ගණන එලැඹෙන අප්‍රේල් 02 වනදා සිට අඩු කරගැනීමට හැකි වනු ඇතැයි ලංකා විදුළි බල මණ්ඩලය අනාවැකි පළකරනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මණ්ඩලයේ සභාපති එම් සී ෆර්ඩිනෑන්ඩු මහතා කියා සිටියේ ලබන 02 වනදා මෙරටට ලැබීමට නියමිත ඩීසල් තොගය ලංකා විදුළිබල මණ්ඩලයට සපයන බවට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වී ඇති බවයි.
එම නිසා අප්‍රේල් 02 වනදා සිට පැය 04 කටත් වඩා අඩුකාලයක් පමණක් විදුළි කප්පාදුව සිදුවනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.
