ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ දිනැති අංක 2268/03 අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි එම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත්තේ.
මේ අනුව විදුලි බල සැපයුම – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය ඝනයට යටත් කර තිබෙනවා.
මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර පසුගිය 11 වනදාද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
