අද දහවල් 12 ට ලෙඩ නිවාඩු වාර්තාකර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට විදුලි වෘත්තිය සමිති 15 ක් තීරණය කර තිබෙනවා.
පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාවලට විරෝධය පළ කරමින් මෙය සංවිධාන කර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සදහන් කළේ.
ඒ අනුව දිවයින පුරා විදුළි සේවකයින් විසිපන්දහසකට අධික පිරිසක් සිය විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගිවීමට නියමිත බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සංස්කාරක නන්දන උදයකුමාර මහතා නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් කියා සිටියේ.
අද ක්‍රියාත්මක විරෝධතාවය හමුවේ නිසි විසදුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩිවෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට සිදුවන බවද නන්දන උදයකුමාර මහතා ප්‍රකාශ කළා.