විදුලි බිල් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කලා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි එම ඉල්ලීම සිදුකලේ.
අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අනතුරුව සඳහන් කලා. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ද මෙහිදී අදහස් පළකලා.