විදුලි ගාස්තු ඉහළ නැංවීමට සාපේක්‍ෂව ජල ගාස්තු ද ඉහළ නැවීමට සිදුවනු ඇති බවත් ජල සැපයුම සඳහා විශාල විදුලියක් වැයවන බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විශාල විදුලිය ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා විදුලි ගාස්තු ඉහළ දමන්නේ නම් ඊට අනුරූපීව ජල ගාස්තු ඉහළ යෑම වැලැක්විය නොහැකි බවත් විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් ජල ගාස්තු ද ඉහළ දැමීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් මණ්ඩලය වැඩි දුරටත් කීය.
