අද දහවල් 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි ඔවුන් කියා සිටියේ ඉල්ලීම් 06 ක් මුල් කරගන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රස් එල් එන් ජී ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම / දැනට සිදු වන එල් එන් ජී ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම / විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම / 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම / සාමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම විදුලි ඉංජීනේරුවන්ගේ ඉල්ලීම් වනවා.
මේ අනුව දහවල් 12 සිට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුව ඔවුන් සේවයට වාර්තා කරන්නේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා පමණයි.
නමුත් හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී පමණක් නියමිත රාජාකාරී කාලයෙන් පිටත සේවයෙන් වාර්තා කරන බව විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කලා.
