2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ 06 වැනි දිනය අදයි.
විදුලිබල අමාත්‍යාංශය / බලශක්ති අමාත්‍යාංශය සහ සූර්ය බල සුලං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංයේ වැය ශීර්ෂ අද දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනා.
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව දින කිහිපයක් සදහා වසා දැමීමටත් / කෙටි කාලයකදී නැවත විවෘත කිරීමට තීරණය කිරීමත් පසුපස විශාල කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව සමගි ජනබලවේගය අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද විවාදයට එක්වෙමින් කියා සිටියේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ආශ්‍රිතව උද්ගතව ඇති අර්බුධයට හේතුව ටෙන්ඩර් ක්‍රියාවලියට පරිභාහිරව සිදුවන මහාපරිමාණ වංචාවන් බවයි.
එහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ශේප කලා.
මේ උදය ගම්මන්පිළ සහ කබීර් හෂීම් යන මහත්වරුන්.
මේ අද විවාදයේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා.
අද වනවිට ජාතික ආරක්ෂාව තරමටම බලශක්ති සුරක්ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාව යන මාතෘකා පෙරටවිත් ඇති බවයි පාර්ලිමේන්තු විවාදයට එක්වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අවධාරණය කලේ.