විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුව විසින් සකස් කළ වාර්තාව තමන් වෙත ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරියේදී භාරදෙන බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
එමෙන්ම ලබන මාසයේදී අදාළ ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද තමන් අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
