විදුලිබල අර්බුදයට විසදුම් සෙවිය යුත්තේ ජන ජීවිතය පවත්වාගෙන යමින් බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජන ජීවිතය අඩාල කර විදුලි අර්බුදයට විසදුම් සෙවිම සාර්ථක නොවනු ඇති බවයි.
මේ අතර විදුලි පරිභෝජනය අවම කිරීම සදහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කර ඇතැයි කියන යෝජනා මාළාව සම්බන්ධයෙන්ද තිස්ස අත්තනායක මහතා මෙලෙස අදහස් පළ කළා.
විදුලි අර්බුදය විසදාලීමට අදාලව රජයේ සාමුහික ප්‍රයන්තයක් නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.