යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනු කමිටුව අද (05) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.
එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, අද පෙරවරු 9.30ට කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රාධානත්වයෙන් කමිටුව රැස්වන බවයි.
පනත් කෙටුම්පතට අදාළව සිය නිරීක්ෂණ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ නායකයින්ට එහිදී දැනුම් දෙන බව, චරිත හේරත් මහතා සඳහන් කළේ ය.
මේ අතර, යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සියලු ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් සමග ඉදිරි දිනවලදී සාකච්ජා කිරීමට එම කමිටුව සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරුන් වන ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ය.
යෝජිත පනත තුළින් මාධ්‍යවේදීන් සිරගත කිරීමට, මාධ්‍යවේදින්ට දඩ පැනවීමට හා විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට බලය පැවරෙන බවට චෝදනා එල්ල වෙයි.