මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රට තුල ඩෙංගු / පාචනය වැනි රෝග පැතිරීමේ වැඩි ඉඩක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම ගං වතුර බැස යාමෙන් පසුව රටේ මැසි ගහණයේ වැඩි වීමක්ද බලාපොරොත්තු විය හැකි බවයි ඔවුන් පවසන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.