සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම වැලි, පස් / බොරලු හා කළුගල් ප්‍රවාහණය සඳහා අවශ්‍ය බලපත් ලබා දීම සඳහා වන මාර්ගගත වැඩපිළිවෙල ලබන මස 30 වන දින සිට ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.
දැනට දිනකට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ප්‍රාදේශීය කාර්යාලවලට දිනපතා ප්‍රවාහණ බලපත් ලබා ගැනීමට 1000 ත් 2000 ත් අතර පිරිසක් පැමිණෙනවා.
එමෙන්ම වසරකට නිකුත් කෙරෙන ප්‍රවාහණ බලපත් ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවා ඇතැයි සඳහන්.
මෙම වසරේ ගත වු කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති ප්‍රවාහණ බලපත් ප්‍රමාණය 777,000 ක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
