වැලිසරදී අද දහවල් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි ළමයා සහ ඔහුගේ පියා හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
නිවුස් රේඩියෝ කළ විමසීමකදී වැලිසර පොලිසියේ උසස් නිළධාරියෙකු සදහන් කළේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් කරන බවයි.
වැලිසර සුසාන භූමිය ආසන්නයේ අද සිදුවූ රිය අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
වයස අවුරුදු 16ක ළමයෙක් ධාවනය කළ සුඛෝපබෝගී ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් එය තවත් මෝටර් රථයක – ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබුණේ.
රියදුරු බලපත්‍රයක්ද නොමැති වයස අවුරුදු 16ක සිය දරුවාට මෝටර් රථය පැදවීමට ඉඩදීම සම්බන්ධයෙන් එම ළමයාගේ පියාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ සිය පියාද දැනුවත් නොකර ළමයා විසින් ජිප් රථය නිවසින් බැහැරට ගෙනගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
මහබාගේ පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.