විවිධ හේතු මත වැඩ තහණමට ලක්වන බන්ධනාගාර නිළධාරීන් සම්බන්ධයෙන් සිදුකරන විනය පරීක්ෂණ හෝ අධිකරණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් නැවත සේවයේ පිහිටුවීම පිළිබදව සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම නිළධාරින් තවදුරටත් සේවයේ තබාගැනිම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හානිකර වන බැවින් මේ පිළිබදව දැඩිව අවධානය යොමු කිරීමටත් එවන් නිළධාරින් වරදකරුවන් වන්නේ නම් සේවයෙන් පහ කිරිමට හෝ දැඩි දඩුවම් ලබාදීමටත් කටයුතු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
විවිධ දුෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරිම් හෝ පහරදීම් සිදුකරන නිළධාරින් සම්බන්ධයෙන් මෙම පියවර අනුගමනය කිරීමට නියමිතයි.
මේ පිළිබදව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් සියඑම අධිකාරිවරුන් වෙත දන්වා නිළධාරින් දැනුවත් කිරිමටද කටයුතු කර තිබෙනවා.
මේ අතර බන්ධනාගාර රැදවියන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිතිවිරෝධි කටයුතු පිළිබදව දැනුම් දිමට විශේෂ දුරකථන අංකයක් ද ලබා දි ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලා.
එම දුරකථන අංකය වන්නේ 0112 678 යි 600 යි.
මෙම අංකය වෙත ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය රැකිමට ද කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියා.
