සහල් මිල පාලනය සදහා අලුතින් හදුන්වාදීමට නියමිත අණපනත් සම්මතවූ පසුව මෙරට තුළ සහල් කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා අලෙවි කිරීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාව නොදෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවධාරණය කරනවා.
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය අනුව සහල් මිල පාලනය පිළිබද අණපනත් කඩිනමින් සම්මත කරමින් ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයටම සාධාරණයක් ඉටු කිරීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
වී මිලදී ගැනීමේ අක්‍රමිකතා පිටුදැකීම යන මැයෙන් අද පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම කරුණු සදහන් කළේ.
මේ දිනවල වී මිලදී ගන්නා අතරමැදියන් වෙත අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අනතුරු ඇගවීමක්ද කළා.
ලියාපදිංචි නොකල කිසිදු ස්ථානයක වී තොග රැස්කිරීමට අවසර නොදෙන අතර එම නියෝගය නොතකමින් අනවසරයෙන් රැස්කරන වී තොග රජයට පවරා ගන්නා බවයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ.
එමෙන්ම අලුතින් වී මෝල් ලියාපදිචි කිරීම අත්හිටුවන ලෙස දන්වමින් විශේෂ චක්රලේකයක්ද මේවනවිට නිකුත් කර ඇති බව බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අනාවරණ කළා.