හෙට දිනයේදී පාසල් වෙත නොපැමිණෙන ගුරුවරුන්ගේ නොවැම්බර් මාසයට අදාල වැටුප කපා හැරීම සම්බන්ධයෙන් සලකා බලන බවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකල ප්‍රකාශයට ගුරු සංගම් ප්‍රතිචාර පළකලා.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කලේ ආණ්ඩුවෙන් ලැබෙන ඕනෑම නියෝගයක් ඉටුකිරීමට සැදී පැහැදී සිටින එවැනි දේශපාලඥයින් සම්බන්ධයෙක් කණගාටුවට පත්වන බවයි.
අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව කියාසිටියා.
මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිථල නැවත සමීක්ෂණය කිරීමේ කටයුතු සදහා සහභාගී වන්නේද නැද්ද යන තීරණය අද දිනයේදී ගැනීමට නියමිත බවද මහින්ද ජයසිංහ මහතා එහිදී කියා සිටියා.