ආනයන සීමා කිරීම් හමුවේ මෙරට වෙළෙදපල තුල ඇතැම් මෝටර් රථවල මිළ ගණන් රුපියල් කෝටියකින් පමණ ඉහල ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ මෙම තත්වය ආර්ථීකයට හා ජනතාවට ඉතා අහිතකර බවයි.
වාහන ආනයනකරුවන් මුහුණදෙන ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් දෙන්නැයි අවස්ථාව රැසකදී ඉල්ලීම් කළ නමුත් රජයෙන් ඊට සුබවාදී පිළිතුරක් නොලැබුනු බවටයි ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා චෝදනා කළේ.