කුලී පදනම මත වාහන ලබාදෙන ආයතන හරහා ලබාගන්නා වාහන වෙනත් පාර්ශව වෙත විකුණා දැමීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
32 හැවිරිදි සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හෝමාගම පිහිටි ආයතනයකින් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මෝටර් රථයක් කුලියට ගෙන ඔහු අතුරුදන්වී ඇති බවටයි පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ.
ඔහු විසින් වාහනය ලබාගත් ආයතනය වෙත ලබාදී ඇත්තේ ව්‍යාජ තොරතුරු බවටද අනාවරණය වී තිබෙනවා.
පසුව සිදුකල පොලිස් පරීක්ෂණ වලදී අදාල සැකකරුට එරෙහිව දිවයින පුරා පොලිස් ස්ථාන වල පැමිණිලි 48 ක් සහ අධිකරණයේ විවෘත වරෙන්තු 06 ක්ද පවතින බව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතු-රුව එම සැකකරු ලබන අගෝස්තු 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර විශේෂ විමර්ශණ ඒකකය සහ නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.