වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පැවතීම හමුවේ ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ ඒ අවට නගරවල සියලුම පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දමන්නැයි එරට වායු තත්ත්ව කළමනාකරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
ඊයේ රාත්‍රියේදීයි දැනුම්දීම කර ඇත්තේ.
වසා තැබෙන පාසල්වල ඉගැන්වීම් කටයුතු යළි දැනුම්දෙනතෙක් මාර්ගගත ක්‍රමය යටතේ පවත්වන ලෙසද මෙහිදී උපදෙස් දී තිබෙනවා.
මීට අමතරව සති අන්තයේදී දිල්ලි අගනුවර අගුලු දැමීමකට සහ සතියක කාලයක් නිවසේ සිට රාජකාරි කිරීමටද යෝජනා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පැවතීම හමුවේ දිල්ලි නගරයේ සියලු ඉදිකිරීම් සහ කාර්මික කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසද ඉන්දියාවේ වායු තත්ත්ව කළමනාකරණ කොමිසම උපදෙස් දී තිබෙනවා.