කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, වාචික පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීමට දින 02 ක් වෙන්කර තිබෙනවා.
සැප්තැම්බර් 06 සහ සැප්තැම්බර් 27 යන දෙදින එලෙස විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත්තේ.
එම දින තුළ, මෙලෙස පිළිතුරු නොදුන් ප්‍රශ්නවලට ඉඩ ලබාදීමට පමණක් තීරණය වූ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියා.
