ජනතා විමුක්ති පෙරමුණ පිළිබද අසත්‍ය පුවත් සමාජගත කිරිමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් ආරම්භ කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා චෝදනා කරනවා.
තම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍යයේ ප්‍රවර්ධනය පිණිස කෝටි ගණනක් වැය කර නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි යනුවෙන් වෙබ් අඩවියක පළවි ඇති පුවත සම්පුර්ණයෙන් අසත්‍ය බවයි හදුන්නෙත්ති මහතා අවධාරණය කළේ.
ඒ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අද පැමිණි අවස්ථාවේදි මාධ්‍යයට අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති මහතා මෙම අදහස් පළකලා.