ව්‍යාජ පීසීආර් පරීක්ෂණ වාර්තා සකස් කිරීම සම්බන්ධයෙන් පසුගිය 09 වනදා මීගමුව තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ වැල්ලම්පටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 32ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.
මෙම සැකකරු භාරයේ තිබී පීසීආර් පරීක්ෂණ වාර්තා සකස් කිරීම සදහා භාවිතා කරන ලද ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකථන 03ක් සොයාගෙන තිබෙනවා.
මොහු විසින් ව්‍යාජව සකස්කරන ලද පීසීආර් වාර්තා 750 ක පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් පුද්ගලයින් විදෙස්ගතවීම සදහා අවස්ථාව සලසා දී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මේ අතර මීට සම්බන්ධ තවත් සැකකරුවෙකු කලුතර පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට අධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු භාරයේ තිබී අපරාධය සදහා භාවිතාකරන ලද ලැප්ටොප් පරිගණක 03ක් / ජංගම දුරකථනයක් සහ දත්ත බහාලන 04ක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ව්‍යාජ පීසීආර් වාර්තා සකස් කිරීම සම්බන්ධයෙන් අන්අඩංගුවට ගත් පළමු සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අනෙක් සැකකරුවන් දෙදෙනා අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.