දිවයින පුරා පිහිටි මත්පැන්හල්වල අලෙවියට ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර අලවා ඇති බෝතල් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
තඹුත්තේගම, තලාව, නෙලුබෑව සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවා සිදුකළ වැටලීම් වලදී එවැනි ආරක්ෂිත ස්ටිකරය නොමැති මත්පැන් බෝතල් විශාල සංඛ්‍යාවක් සුරාබදු විමර්ශන නිලධාරින් භාරයට ගත් බව නිවේදනයේ සඳහන්.
මත්පැන්වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වා දුන් ආරක්ෂක ස්ටිකර් ක්‍රමවේදයෙන් බැහැරව කූඨ ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරු මත මෙම වැටලීම් ක්‍රියාත්මක බව සඳහන්.
