ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීමට රජය දරන උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය.
එසේම මැතිවරණ කොමිසමේ ස්වාධීන කාර්යයන්ට සහ ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමක් ලෙසඅර්ථ දැක්විය හැකි කිසිදු පියවරක් ගැනීමෙන් ජනාධිපතිවරයා සහ රජය වැළකී සිටිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී.
