රාජ්‍ය නායකයා ලෙස සියලු පක්ෂ නායකයින් කැඳවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට පියවර ගන්නා ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් අද තරයේ අවධාරණය කර සිටියා.
මෙම ලිපිය යොමු කර ඇත්තේ අස්ගිරි මල්වතු, අමරපුර හා රාමඤ්ඤ යන මහා නිකායන්හි මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුක්තවයි.
එමගින් කරුණු 10 ක් දක්වා ඇති අතර එහි දක්වා ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය වහා සම්මත කර ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ඇති කර මහජනතාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා නිශ්චිත කෙටිකාලීන අවම පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගත යුතු බවයි.
ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ එම විශේෂ ලිපිය පහතින්.