වහා ඉන්ධන සහ විදුලි බිල් ගාස්තු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා.
වියදම් පාලනය කර ගැනීමේ අරමුණ ඇතිවය ඔවුන් එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ආනයන තවදුරටත් සීමා කල යුතු බවටත් – විදේශ ප්‍රේෂණ සහ ආයෝජන ඉහළ නැංවිය යුතු බවටත් – බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙල වෙත යා යුතු බවටත් මහ බැංකුව විසින් රජයට දන්වා තිබෙනවා.
ඔවුන් මේ බව නිවේදනය කරන්නේ මාසික මූල්‍ය ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින්.
සුදුසු බදු වැඩි කිරීමක් හරහා රජයේ ආදායම ඉහළ නංවා ගැනීම මහ බැංකුවේ තවත් යෝජනාවක්.
ණය නොවන විදේශ මුදල් ලැබීම් වැඩි කරගත යුතු බවත් අත්‍යවශ්‍ය සහ හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති වහා අත්හිටුවිය යුතු බවත් අද නිකුත් කල මහ බැංකු මාසික මූල්‍ය ප්‍රතිපත්තියට අන්තර්ගතයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කරමින් ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 6.5 දක්වාද – බැංකු පොළී අනුපාතය සියයට 10.5 දක්වාද – ස්ථාවර ණය ගැනීම් අනුපාතය සියයට 7.5 දක්වාද ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම ක්‍රෙඩිට් කාඩ් මත අය කෙරෙන පොළී අනුපාතය ඉහළ දමා ඇත්තේ සියයට 20 දක්වායි.
