වසර 69 කට පසු සමස්ත දිවයින පුරා සිදුකෙරෙන ජාතික මට්ටමේ හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් රට පුරා සේවා රැසක් බිඳවැටී තිබෙනවා.
නිව්ස් රේඩියෝ වාර්තාකරුවන් සඳහන් කලේ ප්‍රදේශ රැසක විරෝධතාද ආරම්භ වී ඇති බවයි.
කටුනායක අපනයන සැකසුම් කලාප පිවිසුම ඇවරිවත්ත හන්දියෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.
ඒ කටුනායක නිදහස් වෙළෙද කළාපයේ සේවක සේවිකාවන් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන්.
හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව එම සංගම් ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියාසිටියේ අද දිනයේ සියලූ ලංගම බස් රථ ධාවනය කරන බවයි.
කෙසේවෙතත් අද උදාසන කාලයේ ලංගම බස් රථ ධාවනයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණු බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර සේවකයින් හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට සහය දැක්වීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවන කටයුතු සිදුනොවන බවයි දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ මහතා කියාසිටියේ.
දුම්රිය ධාවනයේ විශාල අඩුවක් ඇතැයි නිව්ස් රේඩියෝ වාර්තාකරුවන් කියාසිටියා.
