වසර 22 කට පෙර දෙවුන්දර දේවාලය ඉදිරිපිටදී පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට අදාලව මාතර මහාධිකරණයේ විභාග වූ නඩුවක වැරදිකරුවන් වූ 06 දෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු විසින් මරණ දඩුවම නියමකර තිබෙනවා.
එකම පවුලේ පිරිසක්ද ඒ අතර වන බව සඳහන්.
මෙම සිද්ධියට අදාලව සැකකරුවන් 15 දෙනෙකුට නඩු පවරා තිබූ අතර ඉන් 04 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා. තවත් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇති බව සඳහන්.
