ඉන්දියාවට එරෙහි 03 වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 43 යි එක් පන්දුවකදී සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 225 ක්.
ප්‍රිතිවි ශා 49 යි.
සංජු සැම්සන් 46 ක්ද සූර්යකුමාර් යාදෙව් 40 ක්ද ලබාගත්තා.
අකිල ධනංජය ළකුණු 44 කට කඩුලු 03 ක්ද / ප්‍රවීන් ජයවික්‍රම ළකුණු 59 කට කඩුලු 03 ක්ද බිඳහෙලුවා.
වර්ෂාව හමුවේ ශ්‍රී ලංකාවට ඩක්වත් ලුවස් න්‍යායට අනුව පන්දුවාර 47 කදී හිමිවූ ඉලක්කය ළකුණු 227 ක්.
එය පන්දුවාර 39 කදී සපුරා ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වූයේ. තරගයේ වීරයා වූ අවිශ්ක ප්‍රනාන්දු 76 යි.
භානුක රාජපක්ෂ 65 ක් රැස්කලා. රාහුල් චහාර් ළකුණු 54 කට කඩුලු 03 යි.
වසර 09 කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවන ලද පළමු අවස්ථාව මෙයයි.
දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය ලබන 25 වනදා ආරම්භ වනවා.