රටතුළ භාණ්ඩ මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
පවතින වසංගත තත්වය පහවයනතෙක් යම් යම් දුෂ්කරතාවන්ට මුහුණදීමට ජනතාවට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මීරිගම ප්‍රදේශයේදී ඊයේ (22) මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
විදේශ සංචිත පිළිබඳ කිසිඳු අර්බුදයක් නොමැති බවත් විපක්ෂය මේදිනවල දවල් සිහින දකිමින් සිටින බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.