ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින සේවා සැපයුම් කොට්ඨාශය මගින් ලබා දෙන සේවාවන් සී අයි සී ටී සමාගමට පැවරීමට වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අවලංගු කරන ලෙස සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් කියා සිටියේ ඒ හරහා මෙරටට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඩොලර් සංචිත විශාල ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් පවතින බවයි.