වරායේ ගුදම් තුළ ඇති නිෂ්කාසනය නොවූ භාණ්ඩ දෙමසක් තුළ ඉවත් කළයුතු බවට නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ඒ සඳහා රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ද පත්කර ඇත.
ඊයේ (25) අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී රේගු සහ වරාය නිලධාරින්ට අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
විවිධ රේගු නීති සහ රෙගුලාසි හේතුවෙන් වසර 10 කට ආසන්න කාලයක් පුරා වරායේ ගුදම් තුළ නිෂ්කාසනය නොවූ භාණ්ඩ ගබඩා කර තිබේ.
බහාලුම් 108ක් හා ගුදම් තුළ මෙම නිෂ්කාසනය නොවූ භාණ්ඩ තොග තබා ඇති බැවින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබීමට ඇති ගුදම් ගාස්තු සහ බිම් කුලී ලෙස විශාල මුදලක් අහිමිවී ඇති බව අමාත්‍යවරයා පවසයි.
