වරායේ ගබඩා තුළ දැනට රඳවා ඇති ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියලූ බහාලූම්වල ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නේ යැයි මුදල් අමාත්‍යවරයා සහතික වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පරිසර අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව අනාවරණය කළේ.
ආහාර හිගයක් රට තුළ ඇති වීමට රජය කිසිසේත් ඉඩ නොදෙන බවද මහින්ද අමරවීර මහතා මෙහිදී කියා සිටියා.
ඉදිරියේදී සීනි මිල අඩුකිරීමට රජය මැදිහත්වන බවද පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ද මාධ්‍යවේදින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
එම සාකච්ඡාවලදී වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ සාධනීය යෝජනා ඇතුළත් කර අද දිනයේදී වාර්තාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි මහින්ද අමරවීර මහතා කියා සිටියේ.