ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඇති නමුත් වරායෙන් මෙතෙක් නිදහස් කර නොතිබූ භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට ඉන්දියාවෙන් ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ, සිමෙන්ති, රෙදිපිළි, සත්ත්ව ආහාර , කර්මාන්ත සඳහා යොදා ගනු ලබන අමු ද්‍රව්‍ය, විශේෂිත පොහොර වර්ග, ඇතුළු භාණ්ඩ වර්ග රැසක් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
එලෙස නිදහස් කර ගැනීමට නොහැකි වූ භාණ්ඩ කඩිනමින් නිදහස් කර ගැනීමට කඩිනම් පියවර ගැනීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍යාංශය විසින් දුරකතන අංක 03 ක්ද හඳුන්වා දී තිබෙනවා.
0772 යි 070 යි 098 / 071 යි 839 යි 05 යි 64 සහ 071 යි 824 යි 69 යි 20 යන දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ වැඩිදුර විමසීමක් කළ හැකියි.