දුම්රිය මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු දුම්රිය කාලසටහන යථාවත් වියයුතු ක්‍රියාවලිය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් ප්‍රමාද කරමින් ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
නිව්ස් රේඩියෝ කළ විමසීමකදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ නගරාන්ත සීග්‍රගාමි දුම්රිය ධාවනයද දෙපාර්තමේන්තුව විසින් ක්ෂණිකව අවලංගු කිරීම් සිදුකර ඇති බවයි.
ඒ අනුව ඊයේ පස්වරු 3.55 ට කොළඹ කොටුව-කන්කසන්තුරය දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සීදේවි නගරාන්තර සීග්‍රගාමි දුම්රිය සහ රාත්‍රී බදුල්ල තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බවයි සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ.