වෘත්තීය සමිති 1000 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් එක්ව ක්‍රියාත්මක කර ඇති එක්දින සංකේත වැඩ වර්ජනය හමුවේ දිවයිනේ අංශ රැසක දෛනික කටයුතු බිඳ වැටී තිබෙනවා.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනවා.
ඒ සදහා සියලු රාජ්‍ය සේවා / විදුලිය / සෞඛ්‍ය / ජලය / වරාය / අධ්‍යාපන / තැපැල් / වතු කම්කරු ඇතුලු සේවා රැසක් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහය පළ කිරීම විශේෂත්වයක්.
සියලූම රෝහල් ඉදිරිපිට අද දහවල් 12.00 සිට උද්ඝෝෂණ හා පාගමන් ආරම්භ කෙරුණු අතර දිවයින පුරා නගරවලදී ද විරෝධතා ක්‍රියාත්මකයි.
මේ අතර වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් සංවිධාන කරන දැවැන්ත විරෝධතාවයක් හා විරෝධතා රැලියක් අද දහවල් කොටුව දුම්රියපල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති කොළඹ ලිප්ටන් වටරවුම ආදී ස්ථාන ගණනාවක සිට විරෝධතාවල නිරතවී ගාලුමුවදොර ජන අරගල භූමිය දක්වා පා ගමනින් ගොස් එම විරෝධතාවට එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.
