හම්බන්තොට සූරියවැව මීගහජඳුර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් දෙදෙනා සූරියවැව මීගහජඳුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39 සහ 43 වයස්වල පසුවන අය බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ප්‍රදේශයේ නිතර වන අලි තර්ජනයන්ට මුහුණදෙන ප්‍රදේශයක් බවද පොලිසිය සඳහන් කළා.
සූරියවැව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.