ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කර තත්වය තුරන් කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලකට සහය දෙන බව ලෝක බැංකුව – ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියානු යටිතල ආයෝජන බැංකුව පවසනවා.
ඔවුන් නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ ඖෂධ – මුල්‍ය සහය – ගෑස් හා පොහොර වැනි අවශ්‍යතා සපුරාලීමද ඒ අතර වන බවයි.
මීට අදාළව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය 19 වනදා හවුල්කාර සාකච්ඡාවක්ද කැඳවා තිබුණා.
