වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
වත්තල, හැඳල, ඇලකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල සහ කෙරවලපිටිය ප්‍රදේශ සඳහා එය අදාල වනු ඇති.
මාබෝල, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියාතුඩුව පාර, දළුපිටිය පාර හා අක්බාර් පාලම ප්‍රදේශවලට ද හෙට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා.
