පාදුක්ක ගොඩගම මාර්ගයේ වටරැක ප්රදේශයේදී ලොරියක ගැටුණු ත්රී රෝද රථයක ගමන්ගත් මාස 05 ක බිළිඳියක ඇතුලූ තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
මියගිය අනෙක් දෙදෙනා ත්රී රෝද රථයේ රියදුරු වන 49 හැවිරිදි පුද්ගලයෙකු සහ 57 හැවිරිදි කාන්තාවක බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් හොරණ ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.
ත්රී රෝද රථයේ ගමන්ගත් තවත් කාන්තාවක තුවාල ලබා කලූබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරු මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගොඩ පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.
